“ඉක්මනින් එන්න ඩොක්ටර් බබෙක් ඇරෙස්ට් වෙලා ” හදිසි ප්‍රතිකාර අංශයට ඒ වගේ හදිසි තත්වයන් ඇති වුනාම එහි සිටින ඩොක්ටර්ට අමතරව ළමා වාට්ටුවල වැඩ රාජකාරි කරන අපිවත් කැන්දාගන්නවා ඉක්මනින්. මොකද, දරුවෙක් ගැන කොහොමත් හොඳම අවශ්‍යම දේ ඒ සම්බන්ද වැඩි පුහුණුව ලැබූ අත්දැකීම් බහුල අප ඒකකයේ කෙනෙක් ගෙන්වා ගැනීමයි.
මා යන විටත් ඔවුන් දරුවා වම් අතට හරවා , ගුද මාර්ගය ඔස්සේ දරුවාට වලිප්පුව පාලනයට දිය යුතු , ඩයසෙපෑම් නම් බෙහෙත ඇතුලත් කර තිබේ. නමුත් ෆිට් එක නැවතුනේ නැති නිසා පසුව එය එන්නතක් ආකාරයෙන් දෙන විට දරුවාගේ ශ්වසනය සහ හර්ද ස්පන්දනය අඩු වී තිබේ. නමුත් පැය දෙක තුනකදී දරුවා යථා තත්වයට පත් විනි.
- වලිප්පුව (seizure) කියන රෝගය ගත්තම ඒකෙත් විවිධ ප්‍රබේද තියෙනවා,
සරල – උණ සහිතව( simple febrile),
සංකීර්ණ – උණ (complex febrile) සහිතව සහ ඇතැම් විට උණ රහිතව. මේ තත්වයන්ගෙන් වැඩි වශයෙන් සිදු වෙන්නේ, අධික ශරීර උෂ්ණත්වය සමග මුළු ඇඟම හෝ අත් , පය වෙන වෙනම හෝ , රිද්මයානුකූලව චලනය වෙමින් ඇස් උඩ යමින් දරුවා දරදඬු වෙමින් ටික වේලාවකට සිහි විසඥ වීමය.
ඒවගේම එවිට කටින් සෙම වැනි ශ්‍රාවයක් පිට විය හැක. මළ මූත්‍රා පිට විය හැක.
මේවායේ වරිගීකරණය අපි සිදු කරන්නේ ලක්ෂණ අනුව ය. මෙය ඇති වීමට හේතුව තවමත් පැහැදිලිව විස්තර නොවන අතර එය අධික උෂ්නත්වයට අප ශරීරය ප්‍රතික්‍රියා දක්වන ආකාරයක් බව පැවසේ. සතුන් යොදා කරන ලද පරීක්ෂන වලදි එයට සයිටොකයින් (cytokines) නම් සෛල වලින් පිටවන කුඩා අංශු සහ ඒ ආශ්‍රිත පද්ධතිය ( cytokine network) බලපාන බවත්, ස්නායු අතර සන්නිවේදනයට මෙය බලපෑම් කරන බවත් සොයාගෙන ඇත. කොහොමත් දරුවන් කුඩා කල වලිප්පු තත්වය ඇති වීමට මොළයේ දරා ගැනීමේ ශක්තිය අඩු වීමත් හේතු වෙනවා ( seizure threshold ).
බොහෝ විට මේ වලිප්පුවට ප්‍රධාන හේතුව වෛරස බැක්ටීරියා ආදී ආසාදන යි. ඒ වගේම පවුලේ දෙමාපියන් සහෝදර අනිත් අයගේ රෝග ඉතිහාසයේ එවැනි වලිප්පු තත්වයන් තිබේනම්, දරුවන්ටද එය ඇති විය හැක. ඇතැම් විට මොළය සම්බන්ධ ආසාදන තත්වයන් වලදී ද ඇති විය හැක. මීට අමතරව මොළයට ඔක්සිජන් සැපයුම අඩාල වුන අවස්ථාවලදීද වලිප්පු තත්වයන් උණ රහිතව ද ඇති විය හැක. අතින් නම් උණ බලන්න එපා. හැම විටම උණ කටුවක් හෙවත් උෂ්ණත්වමානයක් මඟින් උණ බලන්න.
මා ඉහත කී දරුවාට ජීවිතේ පළමු වර උණ වලිප්පුව සෑදී ඇති නිසා මවට, පියාට හෝ ගෙදර අයට ඒ සම්බන්ද අත්දැකීමක් නැත. ඔවුන් දරුවා ඔසවාගෙන ගෙන ඇවිත් තිබුනේද කෙලින් අතටය.
ඇතැම් විට අප වෙත ගෙන එන දරුවන්ගේ දිව හැපී තිබෙනු දකින මව්වරුන් බොහෝ සසල වේ. ඇතැම් අය වැඩිහිටි උපදෙසින් කටට යකඩ ඇණ , ලී කැබලි දමා දත් පූට්ටුවීම නවත්වන්න උත්සහ කර තිබේ. ඇතැම් දරුවන්ට උණ වලිප්පුව හැදුනම මව්වරුන් ක්ලාන්ත වේ. එහෙමත් නැත්නම් ඉහ අත් බදා වැලපේ.
කළ යුත්තේ මේ කිසිවක් නොවේ…… !!!
ෆිට් එකක් ආවම මොකද කරන්නේ කියන එක පැහැදිලි කරන්න අම්මලාට කියවන්න මවිසින් අපේ ළමා වාට්ටුවේ බෙදීම පිණිස රචිත අත් පත්‍රිකාවෙහි සටහනක් මෙහි පල කරන්නට සිතුනා. ප්‍රයෝජනවත් වේයැයි සිතුනා. ළමා වාට්ටුවේදී එහි එන අම්මලා සඳහා දැනමුතුකම් දීමට විශේෂඥ වෛද්‍යවරියගේ අනුමැතියෙන් සැකසූවකි.
මෙන්න ඒ පත්‍රිකාව
උණ වලිප්පුව හෙවත් උණ සමග එන ෆිට් එකකදී කළ යුතු දේ…
උණ සමග එන වලිප්පුව, දරුවන් කුඩා කාලයේ දී ඇති විය හැකි තත්වයක්, වයස මාස 6 සිට අවුරුදු 6 දක්වා දරුවන්ට උණ සමග මේ තත්වය ඇති විය හැක.
සිදු කළ යුතු දෑ
·එවිට දරුවාව එයාගේ වම් අත පැත්තට හරවා, සුමට මතුපිටක හාන්සි කරවන්න. අල්ලාගෙන සිටින්න
· මුහුණ පැත්තකට හැරවීම වැදගත් එවිට වමනය, සෙම පිටතට පැමිණීම පහසු කරවන අතර ශ්වසන මාර්ගය අවහිර නොවේ. (නැතහොත් හුස්ම හිර විය හැකිය)
· දරුවා අසලම සිටින්න.
· දරුවාගේ වලිප්පු ලක්ෂණ පටන් ගත් වේලාව සහ අවසන් වුනු වේලාව, කොපමණ වේලාවක් පැවතියේද යන්න නිවැරදිව සටහන් කරගන්න.
· දරුවාගේ ඉරියව් සහ චලනයන් නිරීක්ෂණය කරන්න. (ඇස් උඩ යෑම, එක අතක්, පයක් හෝ සම්පූර්ණ ශරීරය චලනය වීම)
· මිනිත්තු 5 කට වඩා ෆිට් එක තිබේ නම් ළඟම ඇති රෝහලට දරුවා රැගෙන යන්න.
· බෙහෙත් හෝ වෙනයම් කිසිම දෙයක් ෆිට් එක වෙලාවේ දරුවාගේ කටට ඇතුල් කරන්න එපා. දිව හැපීම සිදු වුවද මොනයම් දෙයක් හෝ ඔබේ අතවත්, දරුවාගේ කට තුළට නොදමන්න.
· සාමාන්‍යයෙන් වලිප්පුව තත්වය මිනිත්තු 5-10 වැනි කාලයක් තුල සමනය වේ. එසේ නොමැති නම් වැඩි දුර ප්‍රතිකාර දිය යුතු වේ.
මේ ටික පසුව යොමු කළ ගැටළු වලින් ලීවා
ෆිට් වර්ග කීපයක් තියෙනවානේ. උඩම විස්තර කළේ… සාමාන්‍ය උණ නිසා එන මම ඉහත විස්තර කළ ෆිට් එක නම් දරුවන් ලොකු වෙද්දී ඉබේම හරි යනවා. අනික උණ වෙලාවට පැරසිටමෝල් නිසි මාත්‍රාව දීලා වතුරෙන් ඉකිළි කිහිළි නළල තවලා උණ බස්සා ගත්තොත් උණ නිසා ෆිට් එක හැදෙන දරුවන්ට ෆිට් එක හැදෙන්නෙත් නෑ.
එහෙත් නිර්ණය කළ දිගු කාලීනව පවතින සංකීර්ණ වලිප්පුව තත්ත්ව මේ සරල උණ සමග එන වලිප්පුවට වෙනස්. එය පරීක්ෂණ මගින් වැඩි දුර සොයා බලා ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක්. ස්නායු රෝග සායනවල හෝ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුවී ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්.
වෛද්‍ය බෝධිනී සමරතුංග
(2017 දී සැකසුවකි, නැවත බෙදාගන්නේ ඔබේ දැනුම පිණිසය.
(කොපි කර නැවත බෙදාගන්න එපා ! මේ සටහන් ෆේස් බුක් එකේ Bodhini Samaratunga නමින් ඇති මගේ පිටුවෙන්ද බෙදාගෙන තියෙනව. ඉතින් මේවා නැවත නැවත කොපි කරමින් ඔබේ පිටු පුරවන්න එපා යැයි කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒත් ඔබට බෙදාගැන්මට අවශ්‍ය නම් මේ වෙබ් පිටුවේ ලින්ක් එක බෙදා ගන්න! )
අපේ ලොකු පුතාට උණ නිසා පලවෙනිඅ වරට සිශර් එකක් ආවම ඇත්තටම අපි ක්රන්න ඕනේ දේ දැනං හිටියේ නෑ…පුදුම විදිහට බය උනා. ..කලබල වෙලා ඩොක්ට්ර් ගාවට අරං ගියා…දැන් නං මොකද කරන්න ඕනේ කියලා දන්නවා..
ඊට පස්සෙ අපි කොහොමත් ලමයින්ට උණ වැඩි වෙන්නෙ දෙන්නෙ නෑ….වතුර වලින් තෙමලා රස්නය අඩු කරනවා.
ගොඩක් වෙලා ෆිට් එක හැදිලා හිටියොත් මොලේ ට හාණි වෙන්න පුලුවන් කියලා අහලා තියෙනවා.
එපිලෙස්මි කියන තත්වය තියෙන දරුවෙක් ඉන්න දෙමාව්පියන් මේ වගේ තත්වයක් ආවම කරන්න ඕනේ දේ දැනගැනීම වැදහ්ගත්,,,,මේ ලිපිය බෙදා ගත්තට ඔබතුමියට බොහොම ස්තූතියි..
වැඩිහිටියෙකුට උනත් මේ තත්වය ඇති උනොට් කරන්න ඕන දේවල් තියෙනව නේද>
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට. වැඩිහිටියන්ට මේ තත්ත්වය ඇති වෙන්න වලිප්පුව නම් තත්ත්වය නිසා. එය උණ සමග එන මේ තාවකාලික තත්ත්වයට වඩා වෙනස්.
-බෝධිනී සමරතුංග
Dravet Syntrome kiyana fit eka hoda karanna berida.. eke roga lakshana monawada…