සෑම කථන භාෂා ගැටළුවකටම මුඛය ආශ්‍රිත චාලක ව්‍යායාම් (Oro-motor Excercises) අවශ්‍ය ද?
කථන හා භාෂා වර්ධන ප්‍රමාදය ඇති දරුවන්ගේ දෙමාපියන් සඳහා
කතා බහක් අතරතුර මීට මාස කිහිපයකට පෙර සායනක අත්දැකීමක් මතක් වුනා. මාසයකට හෝ දෙකකට පසු කථන භාෂා ප්‍රමාදය තියෙන දරුවා ව දෙවන වරට පෙන්නන්න ආව අම්මා කෙනෙක්ගෙන් මම ඇහුවා ‘මම කරන්න කියපු දේවල් නැවත මට කියන්න’ කියලා. පොත බලන්නත් කලින් මම ඒක ඇහුවෙ ඇත්තටම කරලා නම් ඒ දේවල් කියන්න පුළුවන් වෙන්න ඕන නිසා. මේ අම්මා කියපු දේවල් වලට මට අහසෙ තියෙන ඔක්කොම තරු ටික එකවර පෙනුනා. මොකද මීට කලිනුත් පැහැදිලි කර ලියා දුන් ක්‍රියාකාරකම් දෙමාපියන් හෝ වෙනත් වෘත්තිකයන් වැරදියට තේරුම් ගැනීම නිසා ප්‍රශ්න ඇති වෙලා තියෙන නිසා.
‘ඉටිපන්දමට පිඹින්න, බැලුම් පුම්බන්න, කොළ ගුලි වලට පිඹින්න, දිව දහ පාරක් දෙපැත්තට කරන්න’
කලබල වුන පාර අම්මාගෙන් මම ලියපු පොත ඉල්ලුවා. ඒක ගෙනත් නෑ. හැබැයි මොකක්දෝ වාසනාවකට මම බොහෝ වෙලාවට අම්මලාට දෙන ක්‍රියාකාරකම් වල පින්තූරයක් ගන්නවා. එහෙම ගන්න වෙලාවට දරුවගෙ නමින් save කරගනවා. ඒක ගන්නෙ මගේ වාර්තාවට එකතු කරගන්න. ඉක්මනට ෆෝන් එක අරගෙන මාස දෙකකට කලින් පින්තූර බැලුවා. මේ තියෙන්නෙ දුන්න ක්‍රියාකාරකම් බැබලි බැබලි. මොන පිඹිල්ලක්වත් නැහැ. සාමාන්‍ය මනුස්සයෙක් නිසා මට ඇත්තටම එක පාරටම හිතුනෙ මගේ නමත් එක්ක Speech delay එකට මෙහෙම දේවල් කරනවා කියලා වෙන කෙනෙක් ළඟ ගිහින් කිව්වොත් මට ඇතිවෙන තත්ත්වය.. මෙහෙම දේවල් ඕන තරම් අපිට වෙනවනෙ. නොකරන ප්‍රතිකාර වලට වග කියන්න වෙන අවස්ථා…
ඒ පාර ඔක්කොම පැත්තකින් තියල ඇහුවා ‘අම්මා ඔයාල තව කොහෙට හරිත් speech therapy යනවද?’ කියලා. නැහැමයි කිව්වා. එහෙමත් නෙවෙයි නම් මේක වෙන කොහෙන් හෝ දැනගත්ත දෙයක් වෙන්න ඇති නෙ. ඒ නිසා ඇයි ඔවුන්ගෙ දරුවාට මේ ව්‍යායාම අනවශ්‍ය කියලා වෙලාව අරගෙන දැනුවත් කලා. ඒ දැනුවත් කිරීම ප්‍රසිද්ධියේ කරන්න හිතුවෙ මේක දැන් ටිකක් සුලබ වෙලා බව දකින නිසා.
Oro-motor excercises/oral motor excercise නැත්තන් මුඛය ආශ්‍රිතව කරන චාලක ව්‍යායාම දරුවන්ගේ හැම කථන භාෂා ගැටළුවකටම සුදුසු වෙන්නෙ නැහැ. දරුවාගෙ භාෂා ප්‍රමාදය වන්නේ ශ්‍රවණ දෝෂයක් නිසා නම්, ශබ්ද විද්‍යාත්මක කාරණා නිසා පෙන්වන උච්චාරණ දෝෂ (phonological processes/delay/disorder) නිසා නම්, භාෂා උත්තේජනය නිසියාකාරව නොලැබීම හේතුවෙන් සිදුවන කථන ප්‍රමාදය නිසා නම්, බුද්ධි වර්ධන ගැටළු නිසා සිදුවන කථන භාෂා ප්‍රමාදය නිසා නම්………. කිසිසේත්ම මෙම ව්‍යායාම කිරීමෙන් පලක් නැහැ. මගේ වෘත්තිය සගයන්ට පුළුවන් මේ ලයිස්තුවට තවත් එක් කරන්න comments මඟින්. මෙතන ඔක්කොම ලියන්න අපහසුයි. ඇත්තටම කියනවා නම් dysarthria, apraxia වැනි කථන මූලික තත්ත්වයන් වලදි වුනත් කථනය දියුණු කිරීම අරමුණු කරගන්නවා නම් කථන නොවන ක්‍රියාකාරකම් (non speech tasks) සිදු කිරීම නොවැදගත් බව පර්‍යේෂණ වලින් පෙන්වලා දීල තියෙනවා. ඉතින් වැඩක් නැහැ කියලා ඔප්පු කර ඇති දේවල් ඇයි අපි දරුවන්ට කරන්නෙ?
දරුවාගෙ තොල් දෙක නිසි පරිදි වැහෙන්නෙ නැත්නම්, අනවශ්‍ය ලෙස කෙළ වැගිරෙනවා නම්, මුඛය ආශ්‍රිත චාලක ප්‍රශ්න නිසා ආහාර ගැනීමේ ගැටළු මතුවී ඇත්නම් (ගැටළුකාරී අවස්ථා කිහිපයක උදාහරණ ලෙස) අපි මෙවැනි ව්‍යායාම කරන්න පුළුවන්. ඒ වගේම නිශ්චිත ශබ්ද නිෂ්පාදනයට මුඛය ආශ්‍රිත චාලක ගැටළු බලපාන බවට විද්‍යාත්මක තක්සේරුවක් ඇත්නම් ඒවා සිදු කල හැකියි. (කථන ක්‍රියාකාරකමක් සමඟ) මෙහිදි මූලික වෙන්නෙ දිව තොල් හණු (ස්වර තන්ත්‍ර සහ තල්ල අයත් වුනත් මෙය සංකීර්ණ වෙන නිසා අපි මෙතනදි ඒ දෙක අමතක කරමු) මෙම අවයව වල ශක්තිය (strength) චලනයේ වේගය (speed) නිරවද්‍ය බව (accuracy) සහ පරාසය (range) හී ගැටළු තියෙනවා නම් කථනයට යම් බාධාවක් විය හැකි වුනත්, මම මුලින් කිව්වා වගේ කථනය දියුණු කරන්න සම්පූර්ණයෙන් කථන නොවන ව්‍යායාම කිරීමේ තේරුමක් නැහැ. ඒ කියන්නෙ උදේට දවල්ට බෙහෙත් බොනවා වගේ දිව දෙපැත්තට කරකවන්න, තොල් ඇදගෙන ඉන්න, ‘ආ…ඒ…ඌ… කියාගෙන ඉන්න, ඉටිපන්දම්, කොළ කෑලි වලට පිඹින්න වැනි දේවල් කිරීමෙන් දරුවො කතා කරන්න ගන්නෙ නැහැ. ඒ සඳහා කථනය හෝ අර්ථයක් ඇතිව ශබ්ද නිෂ්පාදනය කිරීම (සත්ව අනුරූ සමඟ සෙල්ලම් කරමින් ඒ ශබ්ද, ශබ්ද මූලික ළමා ගීත වැනි දේ) මඟින් අදාළ ව්‍යායාම සිදු කිරීම වැදගත්.
මේ විදිහට වැරදි අදහස් සමාජගත වීම නිසා සමහර දෙමාපියන් අපෙන් මේ ව්‍යායාම බලාපොරොත්තු වෙනවා. ඒවා නොදුන්නොත් අපි දරුවා හරියට බලන්නෙ නැහැ වගේ හැඟීමක් ඔවුන්ට දැනෙනවා. ඇයි මිස් අර දිවට එක්සසයිස් දෙන්නෙ නැද්ද අහනවා. ඒ වගේම තමයි තේරුමක් රහිතව දරුවා එකම වචනය දහ වතාවක් කියන ව්‍යායාමය. දරුවා වචනයක් එක වතාවක් නිවැරදිව උච්චාරණය කරලා කියනව නම් කිසිම හේතුවක් නැතිව ඒ වචනය දහ වතාවක් කියන්න කියන එක දරුවගෙ බුද්ධියට කරන අපහාසයක්. පූසෙක් දැකලා හෝ පින්තූරයක් දැකලා ලස්සනට පූසා කියපු දරුවට පූසා////// කියන්න වෙන කොට එතන දරුවාගේ ගැටළුවට අදාළව කොහෙත්ම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැහැ. එකම වචනය නැවත නැවත කියන අවස්ථා චිකිත්සනය තුල තිබෙනවා. කථනයට අදාළ මාංශපේශී වල මම කලින් කියපු speed, accuracy and range හී ගැටළු ඇති විට එහෙම කරන්න පුළුවන් ඒත් ඒ සඳහා දරුවාට අර්ථාන්විත ක්‍රියාකාරකමක් අතරතුර. ඒ අවස්ථා වලදී එහෙම කරන්නෙ ඇයි කියලා ඔබට තේරුම් කරදීම අපේ වගකීමක්.
කථන භාෂා වර්ධනය ප්‍රමාද වෙන දරුවෙක්ට…(එසේ වීමට අදාළ හේතු නිර්ණය කිරීමෙන් පසු)… අවශ්‍ය ප්‍රධානම දේ තමයි භාෂාව ස්වභාවිකව අත්පත් කරගන්න (acquire) හැකිවන ආකාරයේ පරිසරයක් සහ ක්‍රියාකාරකම්… ඊට පස්සෙ ඒ භාෂාව භාවිතා කරන්න/සන්නිවේදනය හෝ කතා කරන්න සිදු වෙන ආකාරයේ පරිසරය සහ ක්‍රියාකාරකම්… ඒ භාවිතා කරන වචන නැවත නැවත කියන්න සිදු වෙන ආකාරයේ පරිසරය සහ ක්‍රියාකාරකම්… අපි මේ ව්‍යායාම කරන්නෙ මොළය ඉලක්ක කරගෙන. මොළයෙන් තමයි ඊට පස්සෙ සංවේදන ඉන්ද්‍රිය වලින් ලැබෙන තොරතුරු එක්ක.. අවස්ථානුකූලව ඒ ශබ්ද වචන තෝරගෙන.. ඒවා හරියට භාවිතා කරන්න ශ්වසන ක්‍රියාවලියේ සිට, හඬ නිපදවීම, මුඛයෙන් කථන ශබ්ද/වචන නිපදවීම ඇතුළු සන්නිවේදන කාර්‍යය කරන්නෙ. එතනින් එහාට මුඛයේ චාලක ව්‍යායාම අවශ්‍ය වෙන්නෙ ඉතාම නිශ්චිත ගැටළුවක් ඇත්නම් පමණයි. සුදුසුකම් සහිත කථන භාෂා චිකිත්සක වරයෙක් මෙවැනි ව්‍යායාමයක් දෙනවා නම් විද්‍යාත්මක තක්සේරුවක් (scientific assessment) කරලා මුඛය ආශ්‍රිත චාලක ගැටළු නිසා දරුවාගෙ වර්ධනයට සිදුවන බාධා අවම කිරීමට එවැනි ව්‍යායාම ලබා දේවි. එයට සැබෑ තර්කානුකූල විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඔවුන්ට අනිවාර්යයෙන්ම තිබෙනවා. දෙමාපියන් විදිහට ඔබට එය අසා දැනගන්න පුළුවන්. එසේ නොමැතිව යම් කෙනෙක් කියන දේවල් හේතුවකින් තොරව දරුවා එක්ක කිරීමෙන් සිදු වෙන්නෙ ප්‍රයෝජනවත් දෙයක් කිරීමට තියෙන කාලය අපතේ යාම පමණයි.
අපි කිසිම කෙනෙක් හැමදේම දන්න, හැමවිටම නිවැරදි දේම කරන අය නෙවෙයි. දවසින් දවස ඉගෙන ගනිමින් ඉස්සරහට යන අය. ඒත් සුදුසු කම් සම්පූර්ණ නොකල, අවබෝධය අඩු දේවල් වලදි…. විශේෂයෙන්ම අධ්‍යාපනය හා සෞඛ්‍ය සම්බන්ධ කාරණා වලදි… අනිත් අයට උපදෙස් දීම පුළුවන් තරම් සීමා කර ගනිමු.
කථන භාෂා ගැටළු වලදී….කථනය දියුණු කිරීමට…. කථන නොවන චාලක ව්‍යායාම (non speech oral motor excercises) කිරීමට කිසිම විද්‍යාත්මක පසුබිමක් නැහැ කියන එක ගැන ඒ සම්බන්ධ පර්‍යේෂණ උපුටා අරන් ලියපු ලිපියක් පහළ link එකෙන් ගිහින් බලන්න පුළුවන්. මම මේක දැම්මෙත් මම කියන නිසාම ඔබ විශ්වාස කිරීමට වඩා කියවා බලා දැනගැනීම සුදුසු නිසා…
https://www.apraxia-kids.org/…/logic-theory-and…/
යශෝධා හෙට්ටිආරච්චි
කථන හා භාෂා චිකිත්සනය පිළිබඳ කථිකාචාර්ය.
Lecturer in Speech and Language Therapy
Written on June 6th 2023
දැන් කාලේ දෙම්වපියන්ගෙ තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක දරුවන් වෙනුවෙන් වැය කරන කාලය අඩුවෙලා. ඒ වෙනුවට ඔවුන් දරුවන්ට ටීවී, ෆෝන් එක්ක වැඩිපුර කාලයක් ගත කරන්න ඉඩ දෙනවා. මේ වගේ සාධකත් කථනය පමා වීමට හේතු වෙනවා කියලා මට හිතෙනවා.
මේ තියෙන්නෙ කථන හැකියාව පරක්කු වීමට බලපාන සාධක වල සාරංශයක්
It seems like there might be a typo in your question. I believe you meant to ask about the reasons for a delay in speech for a child. If that’s the case, here are some common factors that can contribute to speech delays in children:
Developmental Factors: Children develop speech and language skills at different rates, and some may take a bit longer to reach certain milestones.
Hearing Loss: If a child has difficulty hearing, it can affect their speech development. Hearing problems may be caused by ear infections, fluid in the ears, or other issues.
Premature Birth: Preterm babies may experience speech delays due to their early arrival.
Genetic Factors: Some speech and language disorders have a genetic component, meaning they may run in families.
Neurological Factors: Certain neurological conditions, such as cerebral palsy or a brain injury, can impact speech development.
Environmental Factors: A lack of exposure to language-rich environments, limited social interaction, or a lack of stimulation can contribute to speech delays.
Bilingualism: While being bilingual does not cause speech delays, some children may initially mix languages or take a bit longer to master each language.
Oral Motor Issues: Difficulties with the physical aspects of speech production, such as coordinating the movements of the lips and tongue, can contribute to delays.