ජයසේන ජයකොඩි සුරින් ලියූ පිච්චමල නවකතාවේ එක තැනක තමන්ගේ සහෝදර හාමුදුරුවන්ට අපහාස සහ අකරතැබ්බ කළ අනෙක් හාමුදුරුවන් කැඩපතක් ඉස්සරහ තමන්ගේ මුණේ කුරුලෑ කඩන ගමන් හිතනවා තමන්ගේ මූණ විතරක් නෙමේ අනෙකාට අරියාදු කරන්න තරම් හිත කොයිතරම් නපුරුද, කුරිරු ද, බිහිසුණු ද ? කියලා. එහෙම හිත හිතා අන්තිම ට ඔහු සත්‍ය වටහාගෙන සහෝදර භික්ෂුව වෙත ගිහින් සමාව අයදිනවා.
මං හිතන්නේ self realization කියන දේ මනුස්සයෙක්ට අත්‍යාවශ්‍ය දෙයක්. තමා නිසා අනුන්ට සිදුවූ අගතිය වෙනුවෙන් කොයි තරම් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනවාද යන්න තමා දිහා තමා හැරී බැලීම සිදු කිරීම වටිනවා. අපහාස උපහාසය න් ට පසුව තව අයෙකුට සිදු කල විනාශකාරී හෝ සිත් බිඳුම් මතින් සතුටක් ලැබීම මනෝව්යාදියක් ලෙස ඇතැම් විට හඳුන්වනවා.
Emotional intelligence ගැන අපි කොච්චර කියෙව්වත් ඒක නැත්තටම නැති ජාතියක් බව වැටහෙන්නේ රාජකාරි තැන එහෙම ආරවුල් ඇතිවෙලා මරාගන්න සයිස් එකට සමහරු ක්‍රියා ත්මක වෙද්දී. එක සැරයක් මහාචාර්ය කෙනෙක් ඇවිත් එකපාරක් අපිට දේශනයකුත් කළා.
අද ලෝකයේ බුද්ධිමත්භාවය කියන්නේ හුදෙක් මතක ශක්තිය හෝ දැන උගත්බව නෙමේ. Emotional intelligence කියන වචනය අපිට නිතර ඇහෙනවා. සමාජයේ සමහර පිරිස් හොඳ ඇහුම්කන් දෙන්නන්, වටහාගන්නන් සහ දරාගන්නන් වුණේ කොහොමද ? ඔවුන් ප්රශ්නවලදී ධනාත්මක චින්තනයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන එක හරි වැදගත් ! පොඩ්ඩක් ගූගල් සර්ච් කරලා කියවලා බලන්න.
ප්‍රශ්නයක් ඇති වුණාම තමන්ගේ චිත්ත ආවේග ඔස්සේ ක්‍රියාත්මක වුණොත් සිදුවිය හැකි දේ ගැන කල්පනා කරන්න. හිත් රිදීම් සිදුවෙන්නෙ තත්පර ගණනින්…මිනිසුන්ගේ චරිත ඝාතනය කරන්නේ ඇසිල්ලකින්. සමහර විට නිවැරදි මිනිස්සු අවුරුදු ගණන් ලතැවුලෙන් බොරු චෝදනා කර පින්නාගෙන ඉන්නවා. මට කිහිප විටක් විඳින්න සිදුවුණු මෙවන් කරදරකාරී අකටයුතු කම් බොහෝමයි. ඒත් ඒවා වුවද මනුෂ්‍යයින් ලෙස කතා බස් කර විසඳා ගැනීම සිදු කිරීම ඔබේ චිත්ත ආවේග හා සහ සම්බන්ද බුද්ධිමත් භාවය එසේ නොකරන පාර්ශවයන් එසැනින් අත් හැරීම හැර විකල්පයක් පෙනෙන්නට නැත.
ඒවගේම අපි අපේ චිත්ත ආවේග බෙදා ගන්න පිරිස ගැනත් ප්‍රවේශම් විය යුතුයි. අපේ ජීවිත හැඩ කරන්නට හෝ හැඩි කරන්නට මිනිසුන්ට ගත වෙන්නේ ස්වල්ප කාලයක්.
වෛද්‍ය බෝධිනී සමරතුංග